Home අද සලිඳු සහ ලැසි ගැන ඇමතිට තොරතුරු නෑ : වටගලවත් පාස්පෝට් හොරෙක් රවට්ටලා...

සලිඳු සහ ලැසි ගැන ඇමතිට තොරතුරු නෑ : වටගලවත් පාස්පෝට් හොරෙක් රවට්ටලා !

442
0

අපරාධ කල්ලි නායකයන් වන කුඩු සළිඳු හා පොඩි ලැසී යන අය රටින් පළා ගොස් ඇතැයි නිල තහවුරු කිරීමක් ලැබී නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීම පිණිස වෙන ම පොලිස් කණ්ඩායම් යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

ආසන්න කාලයේ සිදු වූ වෙඩි තැබීම් ගැන වැඩි අවධානයක් යොමුකර අපරාධ විමර්ශන සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර විද්‍යුත් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පවසා සිටියේ , ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී එක්තරා පුද්ගලයකු තමන්ව රවටා විදෙස් ගමන් බලපත්‍ර 17ක් සකසාගෙන පළාගොස් තිබෙන බවයි.

අමාත්‍යාංශයේ රාජකාරි බාරගෙන ඒ වෙත ගිය මොහොතක අදාළ පුද්ගලයා, එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස හැසිරෙමින් කටයුතු කළ අතර, එහි සිටි නිලධාරීන් ඉදිරියේ ජනාධිපති කාර්‍යාලයේ නිලධාරියකු ලෙස හැසිරී ඇති බව පසුව අනාවරණය වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

වඩාත් විශේෂ සිදුවීම වන්නේ අදාළ සම්මුඛ සාකච්ඡාවට පදනම් වූයේද “උත්සව සමයේ මහජන ආරක්ෂාව ” යන මාතෘකාව වීමයි.

කෙසේ වුවත් පසුව නියෝජ්‍ය ඇමතිව මෙන්ම රජයේ නිලධාරීන් ව වෙනවෙනම රැවටූ පුද්ගලයා මාධ්‍ය ප්‍රකාශයක් ලබාදීමට යාමේදී පක්ෂයේ පිරිසක් වැලැක්වූ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleහිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
Next articleව්‍යාපාර ජනසතු කරන යෝජනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here