මගීන් 72 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කුරුල්ලන් රංචුවක ගැටී කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට කඩා වැටී ඇත.
අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් මගීන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාව වන විට එහි මගීන් 67ක් සහ කාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් සිට ඇත.
ගුවන් යානය කුරුල්ලන් රංචුව මැදින් පියාසර කිරීමේ දී යානයේ කුරුල්ලන් ගැටි එහි ඇන්ජින් වලට හානි සිදුවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හෙළිවී තිබේ.