Home අද “බලාපොරොත්තුවේ වන්දනාකරුවන්” ගේ ජුබිලි වසර අරඹමින් නත්තල උදාවෙයි

“බලාපොරොත්තුවේ වන්දනාකරුවන්” ගේ ජුබිලි වසර අරඹමින් නත්තල උදාවෙයි

29
0

ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ ( 24 ) මධ්‍යම රාත්‍රියේ උදාවිය.

නත්තල උදාවත් සමඟ ලොව පුරා මෙන්ම දිවයිනේ ද සෑම දේවස්ථානයකම මැදියම් රාත්‍රියේ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගී වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත් වෙන අතර මෙරට ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාඇල වික්ශෝප දේව මාතා දේවස්ථානයේ දී ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

විශ්වීය කතෝලික සභාව 2025 වසර ජුබිලි වසරක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එහි තේමාව වී ඇත්තේ “බලාපොරොත්තුවේ වන්දනාකරුවන්” යන්නයි.

May be an image of 1 person

ඒ සඳහා සුදානම් වීමක් ලෙස වතිකානයේ ශුද්ධ වූ ද්වාරය (HOLY DOOR) විවෘත කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් සිදුකරන ලදී. එයත් ජුබිලි වසරේ නිල ආරම්භය සිදුකරන ලද අතර, මෙරට තුලද එවැනි ශුද්ධ වූ ද්වාර සෑම පදවියකම විවෘත කිරීමට කතෝලික සභාව සුදානම් කර ඇත.

කතෝලික විශ්වාසය ලෙස පියතුමකු ඉදිරියේ සිය පාප උච්චාරණය කිරීමෙන් අනතුරුව පව් වලට මනස්ථාපනය වී ඒවාට සමාව ලබාගැනීමෙන් අනතුරුව මෙම දොරටුවෙන් ඇතුළු විය හැක.

නත්තල උදාව නිමිත්තෙන් මෙරට බොහෝ දේවස්ථානවල අද කැරෝල් ගායනා, ලේ දන්දීමේ ව්‍යාපාර, දුප්පත් පවුල් සඳහා විවිධ වූ උපකාර වැඩසටහන්, ආදිය සංවිධානය කර තිබේ.

Previous articleපුනරුද ආණ්ඩුව රාජ්‍ය සේවක දඩයම අරඹයි !
Next articleඅවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට කල් යන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here