Home අද ජවිපෙ මන්ත්‍රීලා ජනාධිපති අරමුදලේ සල්ලි ගත්තාද ..? – නලින්දගෙන් උත්තර නැත

ජවිපෙ මන්ත්‍රීලා ජනාධිපති අරමුදලේ සල්ලි ගත්තාද ..? – නලින්දගෙන් උත්තර නැත

517
0

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 2005 -2010 කාලයේදී ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධව අද (24) පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින් ද ජයතිස්ස මහතා ගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලත් එලෙස මුදල් ලබාගත් බව හෝ එය ප්‍රතික්ෂේප කිරීමක් ඔහු විසින් සිදු කළේ නැත.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැතුව එම පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතා මෙසේද පැවසීය.

“පාර්ලිමේන්තුවේදී මං ඉදිරිපත් කළේ 2005 -2024 දක්වා ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් කිහිප දෙනෙකුගේ නම් පමණයි තවත් නම් ලයිස්තුවක් මගේ අතේ තිබෙනවා. පළාත් සභා මන්ත්‍රීවරු. නගර සභා සභාපතිවරුන්. ප්‍රාදේශීය සභා සභාපතිවරුන් . ඒ ලැයිස්තුවේ සිටිනවා

ඒ නිසා 2005 -2024 දක්වා එලියට දැමූ ඒවාට වඩා දේවලුත් ඉදිරියේ අපි ඉදිරිපත් කරන්න සූදානමින් සිටින බව කිව යුතුයි.

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් කොටසකගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන විට ඒ ලැයිස්තුවේ සිටි වෙනත් කිසිදු පුද්ගලයෙක් ඒ පිළිබඳව හඬක් නැගුවේ නැහැ. නමුත් දයාසිරි ජයසේකර පමණයි ඒ පිළිබඳව විවිධ චෝදනා කරන්නේ

දැන් දයාසිරි කියන්න ඕන තමන් ජනාධිපති අරමුදලෙන් කොපමණ මුදලක් ලබාා ගත්තාද ? තමන් වෙනත් අර මුදල්වලින් මුදල් අරගෙන තිබෙනවාද ? පක්ෂයෙනුත් මුදල් ගත්තාද ? කියා රටට කිව යුතුයි එහෙම නැතුව නම් හෙළිකළ මට අවලාද නගලා පලක් නැහැ”

Previous articleසෙනේෂ් රූපවාහිනියෙන් එළියට !
Next articleපුනරුද ආණ්ඩුව රාජ්‍ය සේවක දඩයම අරඹයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here