Home අද පුනරුද ආණ්ඩුව රාජ්‍ය සේවක දඩයම අරඹයි !

පුනරුද ආණ්ඩුව රාජ්‍ය සේවක දඩයම අරඹයි !

1692
0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අකමැති බව සඳහන් කරමින් එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සත්‍යානන්ද සුභසිංහ හට අදාළ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) ධූරය ලබාගැනීම වළක්වාලීමට බලහත්කාරී ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යංශ ලේකම්වරයා මෙම බලහත්කාරී මැදිහත්වීම සිදුකර තිබෙන්නේ මැදිහත්ව තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නියමිත ආකාරයට එකී පත්වීම සිදුකර තිබියදීය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එතෙක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) ධූරය දැරූ MMLS හේරත් මහත්මිය 2024-12-16 දින විශ්‍රාමයාමට නියමිතව සිට තිබේ. ඒ අනුව එකී තනතුරේ පුරප්පාඩුව පිරවීම සඳහා එම දිනයේම රාජකාරි කටයුතු භාරගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා 2024-12-14 දිනැති ලිපිය හරහා සත්‍යානන්ද සුභසිංහ ට දැනුම්දී තිබේ.

ඒ අනුව සත්‍යානන්ද සුභසිංහ විසින් 2024-12-16 වනදා අදාළ ධූරයේ රාජකාරි ආරම්භ කර ඇති අතර, එදින අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් අමාත්‍යංශයෙන් බැහැරට ගොස් තිබේ.

නමුත් විශ්‍රාම යාමට නියමිත හේරත් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය නව අතිරේක ලේකම්වරයාට වැඩ භාරගැනීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත . එසේම තමන් නිල වශයෙන් රාජකාරි භාරගත් බව සඳහන් කරමින් එම අවස්ථාවේ සත්‍යානන්ද සුභසිංහ ද අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කර ඇත.

නමුත් ඊට පසුදින එනම් 2024-12- 17 වනදා සත්‍යානන්ද සුභසිංහමහතා රාජකාරි කල කාර්යාලය වෙත පැමිණි අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා තමන්ට කොහොත්ම සත්‍යානන්ද සුභසිංහ ව අතිරේක ලේකම්වරයා ලෙස රාජකාරි මට්ටමින් භාරගැනීමට නොහැකි බවත් ඊට හේතුව අමාත්‍යවරයා එකඟ නොවීම බවත් පවසමින් ඉතාමත්ම පහත් හැසිරීමක් ප්‍රදර්ශනය කළ බවත් අමාතංශයේ සේවක සේවිකාවන් පවසයි.

” වහාම කාර්යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙස පවසමින්” තම අමාත්‍යංශ ලේකම්වරයා ඒ අවස්ථාවේ හැසිරුණු ආකාරය හමුවේ ඔහුට කිසිවෙකුත් කරුණු පැහැදිළිකිරීමට හෝ ඉදිරිපත් නොවූ බවත් , ඉහළ නිලධාරීන් වෙතින් රාජකාරි භාරගැනීමට පැමිණි නිලධාරියෙකුව ප්‍රතික්ෂේප කරමින් එතරම් පහත් හැසිරීමක නිරතවීමක් රාජකාරි කාලය තුළ කිසි දිනෙක අත්දැක නොමැති බවත් ඔවුන් පවසයි.

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් අමාත්‍යංශයක ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමත් , මාරුකිරීමත් සිදුකරන ක්‍රමවේදයක් ඇති බව පෙන්වාදෙන ඔවුන් රාජ්‍ය සේවා කොමිසම සිදුකළ පත්වීමක් ප්‍රතික්ෂේප කරමින් , ඊට අමාත්‍යවරයා ගේ නම පවා සඳහන් කරමින් අමාත්‍යංශ ලේකම්වරයකු දේශපාලන බලධාරියකු ලෙස හැසිරුණු පළමු අවස්ථාවද මෙය බවද අමාත්‍යංශයේ නිලධාරීන් පවසයි .

බිමල් රත්නායක අමාත්‍යවරයා සමඟ ඇති සමීප සම්බන්ධතාව සහ ජනතා විමුක්ති පෙරමුණට ඇති සම්බන්ධය මිස මේ ආකාරයට රාජ්‍ය සේවා කොමිසම ද නොතකා කටයුතු කිරීමට කිසිඳු හැකියාවක් නැති බව සඳහන් කරන අප තොරතුරු මුලාශ්‍ර අමාත්‍යංශ ලේකම්වරයාගේ මේ නින්දිත හැසිරීම සම්බන්ධව එම කොමිසම සොයා බැලිය යුතු බවද පවසයි .

මේ සම්බන්ධව අප සිදුකළ වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ , ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සත්‍යානන්ද සුභසිංහ මීට පෙර නාගරික සංවර්ධන හා නිවාස අමාතංශයේ ලේකම් ලෙස රාජකාරි කර ඇති බවයි . අනතුරුව 2024 සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයෙන් පසුව සැප්තැම්බර් 24 වනදා ඔහු ඇතුළු අමාත්‍යංශ ලේකම්වරැ 7 දෙනෙකු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරී සංචිතයට මාරැකර ඇත .
එදින සිට මෙම නව පත්වීම ලබන දිනය දක්වා ඔහු අදාළ සංචිතයේ රැඳී සිට තිබේ .

2015 වසර වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කපිල පෙරේරා කටයුතු කර ඇති අතර , 2015 මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය ලබා ඇත . නමුත් 2017 වසරේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් ඔහුව පත්කර තිබේ . එසේම 2021 වසරේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කර ඇත .

Previous articleජවිපෙ මන්ත්‍රීලා ජනාධිපති අරමුදලේ සල්ලි ගත්තාද ..? – නලින්දගෙන් උත්තර නැත
Next article“බලාපොරොත්තුවේ වන්දනාකරුවන්” ගේ ජුබිලි වසර අරඹමින් නත්තල උදාවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here