රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඊයේ (23) නිකුත්කර ඇති මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත යොමුකර ඇති අතර 2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස එමඟින් දැනුම්දී තිබේ .
එසේම අදාළ ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර ඇත.
ඒ අනුව දැනුම් දී ඇත්තේ විශේෂයෙන් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවය.
රජය සතු ව්‍යවසායන්හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.