Home අද ජනාධිපති අරමුදල අවභාවිතාව පිළිබඳව CID පරීක්ෂණයක් !

ජනාධිපති අරමුදල අවභාවිතාව පිළිබඳව CID පරීක්ෂණයක් !

30
0

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජනාධිපති අරමුදලේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ කටයුතු දියත් කෙරෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම ප්‍රකාශයත් සමග මේ වන විට ජනාධිපති අරමුදලේ මුදල් භාවිතය පිළිබඳව සමාජයේ පුළුල් කතිකාවක් නිර්මාණය වී තිබේ .

නලින් ද ජයතිස්ස අමාත්‍යවරයා හෙළි කළ පරිදි පසුගිය ආණ්ඩු යටතේ සාමාන්‍ය රෝගී ජනතාවට ලබාගත නොහැකි, එහෙත් හිටපු ජනාධිපතිවරු, මැති ඇමතිවරු අරමුදලේ මුදල් විශාල ලෙස ලබාගෙන ඇති බවට චෝදනා කළේය.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

Previous articleප්‍රියා සූරියසේන දිවි සැරිය නිම කරයි !
Next articleරාජ්‍ය සේවක ප්‍රසාද දීමනා : මහින්ද තීන්දුකර දැනුම්දෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here