හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අද (23) සර්වජන බලය පක්ෂය සමඟ එක්ව ඇති අතර එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින් සාමාජිකත්වය ලබාගෙන ඇත .
ඒ සමඟ හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර තිබෙන බවද වාර්තා වෙයි .
එස් . එම් , චන්ද්‍රසේන 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර ප්‍රභල අමාත්‍ය ධූර කිහිපයක්ද දැරුවෙකි .
කෙසේ වුවත් ඔහු පසුගිය ජනාධිපතිවරනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වූ අතර පසුව පැවති මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) ට එක්ව කටයුතු කළේය .