Home අද SLC හි ඡන්ද බලය හිමි සාමාජිකයන් 147 සිට 60 දක්වා අඩු කරයි...

SLC හි ඡන්ද බලය හිමි සාමාජිකයන් 147 සිට 60 දක්වා අඩු කරයි !

46
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද බලය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. එය ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකි.

අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) මෙම සංශෝධනය සිදුකිරීමට අනුමැතිය හිමි වී ඇත.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඡන්ද අයිතිය තීරණය කෙරෙන්නේ එක් එක් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අනුව බවයි. ඒ අනුව එම ක්‍රිකට් සමාජයකට හෝ සංගමයකට එක් ඡන්දය බැගින් හිමිවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය සඳහා විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් සකස්කළ ව්‍යවස්ථා කෙටුම්පත එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 ජූනි මාසයේදී භාරදුනි. ඡන්ද අයිතිය හිමිවිය යුතු ක්‍රිකට් සමාජ සම්බන්ධයෙන් ද එහි නිර්දේශ ඇතුළත්ව තිබූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී එහි සාමාජිකයින් එකඟ වී තිබෙන බවද වාර්තා වේ.

No description available.

Previous articleහිමාලි වරදක් කර නෑ – විජිත !
Next articleවෙලේ සුදා ඇතුළු තුන්දෙනාට එරෙහි නඩුවේ තීන්දුව දෙන දවස මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here