Home අද පෙබරවාරියේ සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට පියවර

පෙබරවාරියේ සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට පියවර

40
0

ලබන වසරේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. වාහන අනායනයත් සමඟ ගොඩනැගුන කර්මාන්තයක් පවතින බවත් ඒ ක්ෂේත්‍රයට අදාළව ව්‍යවසායකයින් සිටින බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නොමැති බවද සඳහන් කර සිටියේය.

ඒ අනුව කාණ්ඩ තුනකින් වාහන ආනයනයට අවසර දීමට රජය සැලසුම් කර ඇති බව ද ජනපතිවරයා පැවසීය. මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීමට 2024.12.14 සිට විවෘත කර ඇති බවත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා රථ සහ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ගෙන්වීමට සැලසුම් කර ඇතැයිද පැවසූ ජනාධිපතිවරයා, පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කර සිටියේය.

නැවතත් රට ඩොලර් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි කිසිවෙක් සැකයක් තියා නොගන්නා ලෙසත්, මහ බැංකුවත් සමඟ දීර්ඝ සාකච්ඡාවක් සිදුකර මෙම වාහන ආනයනය කිරීම සඳහා පිටමංව යන ඩොලර් ප්‍රමාණය කොපමණ දැයි ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර එය කොපමණ අපේ ආර්ථිකයට බලපාන්නේද යන්න සැලකිල්ලට භාජනය කර ඇති බවද ජනාධිපතිවරයා පවසයි.

රටේ ආර්ථිකය යළි උද්දීපනය කිරීමට නම් වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය

Previous articleසජිත් සියලු අධ්‍යාපන සුදුසුකම් සභාගත කරයි : ආණ්ඩුව නිහඬව අසා සිටියි !
Next article“තනියම ලිව්වේ නැත්නම් කාත් එක්කද ලිව්වේ” – මන්ත්‍රීකම ඔට්ටු දැමූ නාමල් වසන්ත ගැටුම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here