Home අද ETCA ගිවිසුම කඩිනම් කරනවා -මෝදි කියයි : අනුර ඉස්සර නම් විරුද්ධයි !...

ETCA ගිවිසුම කඩිනම් කරනවා -මෝදි කියයි : අනුර ඉස්සර නම් විරුද්ධයි ! ඒත් දැන් ?

132
0

ද්විපාර්ශ්වික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම එක්ටා ගිවිසුමේ කටයුතු ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’ ඉන්දු – ලංකා දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි .

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහග සාකච්ඡා කල බව එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර සිටියේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙසේද සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නවා. සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අපි වඩාත් සතුටු වෙනවා. මෙම සංචාරය සබඳතාවලට නව වේගයක් සහ ජවයක් ගෙන එනවා. අපගේ හවුල්කාරිත්වය සඳහා අපි අනාගත දැක්මක් අනුගමනය කර තිබෙනවා. අපගේ ආරක්‍ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බව අපි සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ආරක්‍ෂක සහයෝගිතා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙනවා.

ජලවිද්‍යාව පිළිබඳ සහයෝගීතාවයට ද එකඟ වී තිබෙනවා. කොළඹ ආරක්‍ෂක සමුළුව කලාපීය සාමය, ආරක්‍ෂාව සහ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් බව අපි විශ්වාස කරනවා.මේ යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහි වීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු වනවා.අපගේ ආර්ථික සහයෝගීතාවයේ දී, අපි ආයෝජන මූලික කරගත් වර්ධනය සහ සම්බන්ධතාවය කෙරෙහි අවධාරණය කර තිබෙනවා.

භෞතික, ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරිත්වයේ වැදගත් කුළුණු වනු ඇතැයි අපි තීරණය කර ඇත්තේ. විදුලි ජාල සම්බන්ධතාවය සහ බහු ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරනවා. සාම්පූර් සූර්ය බලාගාරය වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකා බලාගාර සඳහා LNG සපයනු ලබනවා. ද්විපාර්ශ්වික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම එක්ටා ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.

අපගේ සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් මහව -අනුරාධපුර දුම්රිය කොටසේ සංඥා පද්ධතිය ප්‍රතිංස්කරණය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සඳහා ආධාර ලබාදීමට අපි තීරණය කර තිබෙනවා.අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව ලබා දීමටත් තීරණය කරලා තිබෙනවා. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේ පුහුණුවට අවස්ථාව ලබා දෙනවා.

නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ද ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියට ඉන්දියාව ද සහභාගී වනු ඇති.මගේ අපේක්ෂාව ද්‍රවිඩ ජනතාවගේ මෙන්ම අනෙකුත් ජනවර්ගයාගේ අරමුණු සහ පොදු අපෙක්ෂා ඉටු කරන කඩිනම් සංවර්ධනය දැකිමයි.අනුර කුමාර දිසානයක මහතා ලංකාවේ දියුණුව වෙනුවෙන් ගනු ලබන සියලු ක්‍රියා මාර්ගවලට ඉන්දියාවේ සහාය ලබදෙනවා.”

එක්ටා විරෝධි ශ්‍රී ලංකා ජනාධිපති !

ඉන්දු – ලංකා වෙළඳ ගනුදෙනු ශක්තිමත් කිරීම වෙනුවෙන් වන එක්ටා ගිවිසුම අත්සන් කිරීමට පැවති පාලනයන් කොතෙකුත් උත්සාහ දැරුවද එවකට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතිකවාදී බලවේග වල විරෝධය හමුවේ එම කටයුතු අසාර්ථක වූ බව ප්‍රසිද්ධ කාරණයකි.

කෙසේ වුවත් ජනාධිපති අනුර දිසානායක ගේ ඉන්දීය සංචාරයට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ කිසිදු නිවේදනයක මේ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැත.

Previous articleවෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානයක ධුරයට
Next articleසිසුවියගේ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරුට – සිසුවියත් සියදිවි නසාගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here