Home අද විදුලි පද්ධති සම්බන්ධ කිරීමටත් තෙල් නළයක් සම්බන්ධ කිරීමත් දෙපාර්ශවය එකඟ වූණා –...

විදුලි පද්ධති සම්බන්ධ කිරීමටත් තෙල් නළයක් සම්බන්ධ කිරීමත් දෙපාර්ශවය එකඟ වූණා – නරේන්ද්‍ර මෝදි

1107
0

ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කරමින්  දෙරටේ විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර එකඟත්වයක් ඇතිවූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් හිදී නිවේදනය කළේය.

ඒ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින්.

අද උදෑසන රාශ්ට්‍රපති බවන්හීදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය එරට ජනාධිපති ද්‍රවුපදි මුර්මු මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඉන් පසුව ජනපති අනුර සහ අගමැති මෝදි අතර ඉහළ පෙළේ ද්විපාර්ශවික සාකච්ජා ආරම්භ විය.

ඉහත ව්‍යාපෘතිවලට අමතරව දමිළ ජනතාවගේ අයිතීන්, පලාත් සභා මැතිවරණය, LNG සැපයුම, බෝට්ටු සේවයක් ආරම්භ කිරීම, සාම්පූර් සූර්ය බලාගාරය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වී තිබේ.

පසුගිය රජය සමයේදී ඉන්දු ලංකා පාලමක් ඉදිකිරීම, විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීම සහ තෙල් නල ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ එකඟතාවයන්ට ජාතික ජනබලවේගයට සහය පළකල පාර්ශවයන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදි.

නමුත් දැන් පවතින තත්වය අනුව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ රජය විසින් ගනු ලැබූ තීන්දු කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට අනුර දිසානායක මහතාගේ රජයද පියවර ගනිමින් සිටින බවයි.

Previous articleIIHS ආයතනය නව අධ්‍යාපන වැඩසටහන් රැසක් තුළින් සෞඛ්‍ය වෘත්තිකයන් බල ගන්වයි
Next articleජනාධිපති අනුර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව – ගත්ත තීරණ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here