අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .
ඒ්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සදහන් කිරීමෙන් තමන්ට සිදුව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් ය.
අමාත්‍යවරයා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළද අමාත්‍යවරයාගේ දත්ත ඇතුළත් කිරීමේදී අතපසුවීමක් සිදුවූ බවත් ඒ සම්බන්ධව බලවත් කනස්සල්ල පළකරණ බවත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 13 වනදා නිකුත්කර තිබිණ .
එම නිවේදනය පහත දැක්වෙයි .