Home අද ආණ්ඩුවේ මැති ඇමතිවරු රොත්තක්ම ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු පට්ටම් ඉවත්කර ගනී

ආණ්ඩුවේ මැති ඇමතිවරු රොත්තක්ම ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු පට්ටම් ඉවත්කර ගනී

53
0

මේ වන විට ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරු දහයකට ආසන්න පිරිසකගේ ආචාර්ය මහාචාර්ය සහ ඉංජිනේරු වැනි අධ්‍යාපනය සුදුසුකම් ෆේස්බුක් සටහන් වලින් ඉවත් කරගෙන ඇති බව විපක්‍ෂය පවසයි.

අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මතුවූ ගැටලුවක් මුල් කරගෙන කථානායක අශෝක සපුමල් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම මැති ඇමැතිවරු සිය ෆේස්බුක් සටහන් වලින් අධ්‍යාපන සුදුසුකම් ඉවත් කරගෙන ඇති බව අනාවරණයේ වීතිබේ.

මේ අය පසුගිය මැතිවරණ සමයේ ප්‍රචාරක පත්‍රිකාවල පවා සටහන් කර තිබූ එම අධ්‍යාපන සුදුසුකම් හිටිහැටියේම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

ව්‍යාජ අධ්‍යාපන තොරතුරු ඉදිරිපත් කළ බොහෝ මැති ඇමතිවරු සම්බන්ධව පසුගිය දින කීපය තුළ සමාජයේ කතිකාවක් හටගත් නිසා නියම අධ්‍යාපන සුදුසුකම් හෙළිවේය යන බිය නිසා මෙලෙස එම සුදුසුකම් ෆේස්බුක් සටහන්වලින් ඉවත් කර ගන්නට ඇතැයි විපක්ෂයට බරපතළ සැකයක් පවතින බව එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ අයගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට විපක්‍ෂය මේ වන විටත් කටයුතු කර තිබෙන බව අනාවරණය කළ එම මන්ත්‍රීවරයා ඔවුන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වුවහොත් දැනට දරන තනතුරුවලින් පමණක් නොව මන්ත්‍රී ධූරවලින් පවා ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleඉන්දියාව පෝස්ටර් අලවා අනුරව පිළිගනියි : වැඩබලන අමාත්‍යවරුන් 5ක් පත්කෙරේ !
Next articleශකිබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here