Home අද එන පොට හොඳ නෑ : පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කඩිනම්...

එන පොට හොඳ නෑ : පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කඩිනම් කරන්න ආණ්ඩුව තීන්දු කරයි !

28
0

යෝජිත පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු අපවාද රැසක් ආණ්ඩුව වෙත එල්ලවී ඇති අතර ඒ සමඟ සහල් ,පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම හමුවේ මැතිවරණ තවදුරටත් කල්දැමීම අවාසිදායක වනු ඇති බවට වන තක්සේරුව මත මෙම තීරණය ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙන බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මෙවර සති අග “දේශය” පුවතක සඳහන් කර ඇත්තේ කල් දමනු ලැබූ පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවා ලබන අප්‍රේල් මස මුල් භාගයේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමටත් වසර 7 කට වඩා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටත් ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි.
ඊට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද එම පුවතේ සඳහන්ය.

කෙසේ වුවත් අප වෙත ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ හැකි උපරිම ඉක්මනින් අදාළ මැතිවරණ පවත්වා, ඒවායේ බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුවේ අදහස වී ඇති බවයි. එසේ නොවී තවදුරටත් එම මැතිවරණ පැවැත්වීම කල් ගියහොත් ආණ්ඩුව පසුගිය මැතිවරණ වලදී ලැබූ ප්‍රතිඵල වෙනස් වීමට ඇති බවද පුරෝකථනය වී තිබේ. ඒ වෙනුවෙන් සිය බහුජන සංවිධාන යොදවා යෝජිත මැතිවරණ කඩිනමින් පැවැත්වීමට ජනමතය නිර්මාණය කිරීමද ආණ්ඩුවේ සැලැස්මේ ඇති බවද වාර්තා වෙයි.

Previous articleඅනුර ආපු ගමන් ගෙදර යැව්වේ : මහාචාර්ය පට්ටම් අවභාවිතය වැලැක්වූ UGC හිටපු සභාපතිව !
Next articleඉක්මනින් හිඟ බදු ගෙවන්න : පස්සේ කෙඳිරි ගාන්න එපා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here