ඉන්දීය ජනාධිපතිගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව ආරම්භ කරනු ලබන ප්‍රථම ඉන්දියානු නිල සංචාරය මෙය වන අතර ඒ අනුව ඔහු හෙට සිට 17 වෙනිදා තෙක් එරට රැඳී සිටිනු ඇත.
මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිනිය. අග්‍රාමාත්‍යවරයා.ඇතුළු ඉන්දීය රජයේ රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් මුණගැසී ද්වී පාර්ෂික සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කරර තිබේ.
දෙරට අතර ආර්ථික දේශපාලන හා සමාජ සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට යෑම සහ එම සබඳතා දෙරටේ දියුණුව සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සුරියප් පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වෙති.