අශෝක සපුමල් රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා නව කථානායකවරයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගය පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පත්කිරීමට යෝජනා වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මේ සඳහා අමාත්‍ය බිමල් රත්නායක ගේ නමද ආණ්ඩුව පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වෙයි. කෙසේ වුවත් බිමල් රත්නායක සාර්ථක ලෙස සභානායක ධූරයේ සහ අමාත්‍යාංශය මෙහෙයවන බැවින් එහි වෙනසක් නොකිරීමට ද තීරණය වී තිබේ.
මේ අතර විදෙස්ගත ජනාධිපති හිතවාදින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න කතානායක ධූරය සඳහා යෝජනා කර ඇති නමුත් ඇයගෙන් පාර්ලිමේන්තු විවාද සඳහා වැඩි දායකත්වයක් ගැනීමට අවශ්‍ය බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේපවී ඇති බවත් වාර්තා වෙයි.
එසේම නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලපත්ති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි යන අයගේ නම් ද කතානායක ධූරයට යෝජනා වී ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් දැනට ගෙන නැති අතර ඉදිරි දින කිහිපයේදී ගැන තීන්දුවක් ගන්නා බව ආණ්ඩුවේ අප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය .
විශේෂයෙන්ම නිහාල් අබේසිංහ මහතා රටම පිළිගත් විශේෂඥ වෛද්‍යවරයකු බැවින් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් උද්ගත වීමට අවස්ථාවක් නොමැති නිසා ඒ මහතාව කථානායක ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා, සහ 18 වැනි දා බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.
පසුගිය 06 වැනිදා හිටපු කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 2.00 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය විය.
ඉන්පසු ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පෙර දින කල්තබන ලද පරිපූරක ඇස්තමේන්තු දෙක සම්බන්ධ විවාදය සමග, ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගය, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි වලට අදාළ විවාදය පැවැත්වීමටත් එම විෂයන් සියල්ලම පස්වරුවේ සම්මත කරගැනීමටත් නියමිතව ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.