Home අද ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහකොමසාරිස් අරුණිට : ඩොලර් ලක්ෂයකට අධික දඩයක් !

ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහකොමසාරිස් අරුණිට : ඩොලර් ලක්ෂයකට අධික දඩයක් !

15
0

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක ට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර ඇති බව වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස හිමාලි අරුණතිලක කටයුතු කළ සමයේ දී ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙම දඩය නියම කර තිබෙන අතර එය ඩොලර් 117,028.80 කි.

ශ්‍රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමාලි අරුණතිලක, සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.

ඊට අමතරව ප්‍රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර අධිකරණය නියම කර තිබුණි.
හිමාලි අරුණතිලක මේ වනවිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.

Previous articleගෑනු රිලවියන්ට අක්කර 25යි. පිරිමි රිලවුන්ට අක්කර 25යි. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ? – ඇමති සමන්ත
Next articleරනිල්, දිනේෂ්, ටිරාන් උත්තර බඳින්න CID යට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here