Home අද සහල් හිඟය වසන්ත නිවයි : ඉහළ ගිය මිල එසේමයි!

සහල් හිඟය වසන්ත නිවයි : ඉහළ ගිය මිල එසේමයි!

36
0

සහල් මාෆියාව කඩා රටේ සහල් සුලඛ කරන්නට කටයුතු කරන බව වෙළෙඳ වාණිජල ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්න සමරසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවට ඇතුළත් කර සිටි සහල් මෝල් හිමියෙකු සහල් තොග සඟවාගෙන වෙළඳපොළට නිකුත් නොකර සිටින බවයි.

රත්න සැහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවද වසන්ත ඇමති ප්‍රකාශ කළේය .

එහිදී ඔහු මෙසේද පැවසීය .
මේ මොහොතේ අවශ්‍යතාව වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 70000ක් ගේන්න තීරණය කළා. ඉදිරි දින විස්ස ඇතුළත සහල් මෙට්‍රික් ටොන් පනස්දාහක් රටට එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අපේ ආණ්ඩුව ඒ සහල් මාෆියාව කඩා සහල් සුලබ කරන්නට කටයුතු කරන බව වගකීමෙන් කියනවා.’

වෙළෙඳපොළ තුළ සහල් සුලබ කරන බව සඳහන් කළද අමාත්‍යවරයා සහල් මිල ඉහළ යාම පාලනය කිරීම ගැන පැවසුවේ නැත. එමෙන්ම වී මිලදී ගැනීම සඳහා බැංකු මඟින් ණය ලබාගත් මහ මෝල් හිමියන් ගේ සම්පූර්ණ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඔහු ඊට පිළිතුරු ලබාදුන්නේ නැත

Previous articleදේශපාලනඥයන් රැසකගේ ඥාතීන්ට හා හිතවතුන්ට දුන් මත්පැන් බලපත්‍ර ගැන එළිවෙයි
Next articleහරිනිට වැඩක් නැති නිසා සුපර්මාර්කට් ගියත් කම්කරුවන්ට පෝලිමේ ඉන්න වෙලාවක් නෑ – චාමර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here