Home අද කලා කෙත අස්වද්දන වැඩක් : මියයන කලාකරුවන්ට උසස් අවමංගල්‍ය ශාලාවක් !

කලා කෙත අස්වද්දන වැඩක් : මියයන කලාකරුවන්ට උසස් අවමංගල්‍ය ශාලාවක් !

145
0

කලා ක්ෂේත්‍රයේ ප්‍රවිණයකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ දේහය තැන්පත් කිරීම සඳහා ජාතික කලාභවන වෙනුවට උසස් තත්ත්වයේ අවමංගල්‍ය ශාලාවක් ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ.

“ජාතික කලාභවන තවම හරිහැටි පිළිසකර කරගන්න අපට බැරිවුණා. ජාතික කලාභවන තමයි අපේ රටේ කලාකරුවන්, වටිනා මිනිසුන්, දැවැන්තයන් මිය ගිය විට අවසන් හෝරා දෙක තුන ගත කරන්න භාවිත කළේ.
අපේ බලාපොරොත්තුවක් තිබෙනවා එය නිවැරදි කරන්න. ඉන් මා අදහස් කළේ රජයේ අනුග්‍රහය සහිත ඉතා හොඳ මට්ටමේ පාලර් එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා ජාතික කලා භවන, රටක ජාතික කලා භවන ලෙසම වැඩ නිමකරලා රටට දායාද කරන්න.

Previous articleඅප්‍රේල් 21 ට පාස්කු ප්‍රහාරයට වසර 6 යි : අනුර කියූ ලෙස රවි සහ ශානි වැඩ පෙන්නයිද ?
Next articleඅනුරගේ දූෂණ විරෝධය කරූගේ පැසසුමට : රනිල්ගේ සහ විජේදාසගේ වැඩත් අගයයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here