Home අද ටාටා සමාගම Jaguar, Land Rover ඇමෙරිකාවට අපනයනය නවතයි

ටාටා සමාගම Jaguar, Land Rover ඇමෙරිකාවට අපනයනය නවතයි

37
0

ජගුවර් ලෑන්ඩ් රෝවර් (Jaguar Land Rover) මෝටර් රථ ඇමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට නිෂ්පාදන සමාගම තීරණය කර තිබෙන බව වාර්තා වේ.

අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක් බදු පැනවීමට පියවර ගත් අතර එම බදු පසුගිය දෙවැනිදා සිට බලාත්මක විය.

එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට එහි නිෂ්පාදක ටාටා සමාගම තීරණය කර තිබේ.

යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාව වන අතර බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ බව සඳහන් වේ. එමෙන්ම බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරයි.

ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Previous articleමාස 5කින් බැරි වුනාට පාතාලේ කොහොම හරි මර්ධනය කරනවා – මහජන ආරක්ෂක ඇමති
Next articleකැස්බෑවේ හරි වැඩේ : නගරසභා සේවිකාවක් මාලිමා ලැයිස්තුවේ : නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here