දඹුල්ල ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 5000ක උෂ්ණත්ව හා ආර්ද්‍රතාව පාලනය කළ හැකි ශීතාගාර මධ්‍යස්ථානයක් නිල වශයෙන් විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහ අනුර දිසානයක ජනාධිපති අතින් සිදු වූවද එහි ඉදිකිරීම් ආරම්භ කර තිබෙන්නේ යහපාලන සමයේ දී ය.
ඉන්දීය රජය විසින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ 2019 වන අතර ඒ ඉන්දියාවේ ප්‍රදානයක් යටතේ හර්ෂ ද සිල්වා ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදීය.
මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
දඹුල්ල කෘෂි ගබඩාව විවෘත කිරීම ගැන අවංකවම සතුටුයි. ප්‍රභාෂ්වර නම වෙනස් කළත් කමක් නෑ. වැඩේ වෙන්නයි ඕන.
අද මගේ ජීවිතයේ තවත් ඓතිහාසික දවසක්. එසේ වන්නේ දඹුල්ලේ අපි ඇරඹූ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එය මෝඩි අගමැතිවරයා සහ අනුර ජනාධිපතිවරයා විසින් විවෘත කිරීම නිසයි. මෙය විවෘත කිරීමට ලැබීම රටක් ලෙස ජයග්‍රහණයක්. ඒ පිළිබඳව මා අවංකවම සතුටු වෙනවා. අපි විසින් මෙය ඉදිරියට රැගෙන යාම සඳහා අවශ්‍ය ව්‍යාපාරික සැලසුම පවා හදලයි තිබුණේ. යහපාලන ආණ්ඩුව පරාජය වීම නිසා මෙම ව්‍යාපෘතිය අපිට අවසන් කර ගැනීමට නොහැකි වුණා. පසුව, බලයට පැමිණි අයට මෙහි වැඩ අවසන් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නෑ. අපි ගොඩනැගූ ව්‍යාපාරික සැලසුමෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා. ගොවියන්ගේ එළවළු සහ පළතුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කරමින් කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුතු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකීර්ණය ලෙසයි අපි මෙය ආරම්භ කළේ. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට එදා මා සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සාන්ධු මහතා සහභාගී වුණා.
ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක්ද සහිතව ඉදිකළ මෙම වැඩසටහන එදා අපි නම්කළේ “ප්‍රභාෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැරවුම“ නමිනුයි.
මෙම ශීතාගාර සංකීර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම් වලින් යුත් කොටස් හයකින් සමන්විත අතර අස්වැන්න වැඩි කාලයට ඉතාමත් සහන මිලකට මෙම ගීතාගාරයේ තම අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව ප්‍රදේශයේ ගොවීන්ට ලබාදීමටයි අපි සැලසුම් කළේ.
මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීමේ අවස්ථාවට එදා මා සහභාගී වෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස මෙසේ කිව්වා. ඒ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
“මෙරට ගොවීන් අස්වැන්න වැඩි කාලයට අතිරික්ත අස්වැන්න අලියන්ට කන්න විසිකරනවා. මෙම ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. මේ සඳහා මම උනන්දු වුණේ 2002 වසරේ ඉඳලයි. මම ඒ කාලයේ ගොවියන්ට නිසි වේලාවට වෙළඳපොළ තොරතුරු දෙන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එකතුවෙලා ගොවිඥාන කියල වැඩසටහනක් කළා. මට එදා තිබුණු වුවමනාව ඉෂ්ට කරගන්න අද අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා.“
මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීමටයි අපි “ප්‍රභාෂ්වර“ වැඩසටහන මගින් සැලසුම් කර තිබුණේ.
එය යථාර්තයක් බවට පත්කිරීමට අනුර ජනාධිපතිවරයාට හැකිවේවා