වසර 16 ක බරපතළ වැඩ සහිත වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇත.
එස් .එම් රංජිත් මහතා සමඟ සිරගත කර වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ඔහුගේ ඥාතිවරිය බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇයව මේ වන තෙක් කිසිදු වැඩ කටයුත්තක යොමු කර නැති බවත් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ මේ වන විට සේවය කරනු ලබන වැඩි පිරිසක් විදේශිකයන් වන බව පවසන එම නිලධාරියා එහි පොත් බැඳීම. ලිපිගොනු සෑදීම. වැනි වැඩකටයුතු රැසක් සිදු කරන බව අනාවරණය කළේය