Home අද ජීවිත ආරක්ෂාවට රජයෙන් දුන් ගිනි අවි තවමත් බාර නොදුන් පුද්ගලයින් 42ක්...

ජීවිත ආරක්ෂාවට රජයෙන් දුන් ගිනි අවි තවමත් බාර නොදුන් පුද්ගලයින් 42ක් ගැන විමර්ශන අරඹයි

41
0

ජීවිත ආරක්ෂාව සඳහා රජය විසින් ලබා දෙන ලද ගිනි අවි මෙතෙක් ආපසු භාර නොදුන් පුද්ගලයින් 42 දෙදෙනෙක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා පැවසීය.

ලබාගත් ගිනි අවි නැවත භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය අවසන් දැනුම් දීම සිදුකර තිබෙන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගිනිඅවි බාර නොදුන් පුද්ගලයන් මේ වන විට ජීවත්ව සිටිනවාද ? නැතහොත් ඔවුන් රට හැරගොස් සිටිනවාද? යන්න පිළිබඳව විමර්ශනයක් දියත් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ලබාගත් ගිනි අවි ආපසු භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබියදී මෙතෙක් ගිනි අවි භාර නොදී සිටින සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleහේයි..! රාජාංගණයේ සද්ධාරතන සංඝභාවයෙන් නෙරපයි !
Next articleමෝදි අගමැති මඟ එනවා : අනුර කියන්නේ අදානි නීති විරෝධි වැඩ කරා කියලද ? රනිල් ප්‍රසිද්ධියේ අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here