Site icon Newshub

ජීවිත ආරක්ෂාවට රජයෙන් දුන් ගිනි අවි තවමත් බාර නොදුන් පුද්ගලයින් 42ක් ගැන විමර්ශන අරඹයි

ජීවිත ආරක්ෂාව සඳහා රජය විසින් ලබා දෙන ලද ගිනි අවි මෙතෙක් ආපසු භාර නොදුන් පුද්ගලයින් 42 දෙදෙනෙක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා පැවසීය.

ලබාගත් ගිනි අවි නැවත භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය අවසන් දැනුම් දීම සිදුකර තිබෙන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගිනිඅවි බාර නොදුන් පුද්ගලයන් මේ වන විට ජීවත්ව සිටිනවාද ? නැතහොත් ඔවුන් රට හැරගොස් සිටිනවාද? යන්න පිළිබඳව විමර්ශනයක් දියත් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ලබාගත් ගිනි අවි ආපසු භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබියදී මෙතෙක් ගිනි අවි භාර නොදී සිටින සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version