මෙවර අයවැය හමුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියල්ල ඒ ආකාරයට ඉටුකිරීමට නොහැකි වනු ඇති බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.
ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා බොරු කිව්වා යයි එල්ලවන චෝදනා කිසිදු පදනමක් නැති බවද ඔහු සඳහන් කළේය .
නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මේ බව සඳහන් කර සිටියේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදුටු අවස්ථාවේය.
තම ආණ්ඩුව බලය ලබා ගත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජනතාවට ඉදිරිපත් කරමින් බවද එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තවදුරටත් රජයේ රැඳී සිටින බවත් ඉන් ඉවත්වී නැති බවද පෙන්වාදුන් ඔහු කරපු වැඩ ගැන ජනතාව පැහැදීමෙන් සිටින බව ප්‍රතිචාර හරහා පෙන්නුම් කෙරෙන බවද සඳහන් කළේය