ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් රුක්ෂාන් ගුණතිලක ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා සඳමාළි චන්ද්‍රසේකර පත් කර ඇත.
රුක්ෂාන් ගුණතක මහතා පසුගිය ඔක්තෝබර් මස ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.
2021 වසර වන විටත් රුක්ෂාන් ගුණතිලක ලංකා දුම්කොළ සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අතර දුම්කොළ කර්මාන්තයේ තම රැකියාවට පෙර (1995-1996) ඔහු හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවේ අතිරේක සාමාන්‍යාධිකාරී ලෙස සේවය කර තිබේ