Home අද විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි!

විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි!

33
0

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (28) සිට  ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොලඹ කොටුවේ සිට බදුල්ල – අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවත් පාසල් නිවාඩුව ද සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් වේ.

අද (28) සහ ලබන 31 වනදා රාත්‍රී 07ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් එම දින දෙකෙහි පස්වරු 05.20ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියන් ධාවනයට එක් කර තිබෙන අතර හෙට (29) අනිද්දා (30) සහ ලබන 31 වනදා පෙරවරු 06.35 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් එම දින තුනෙහි සවස 05.20ට අනුරාධපුරයේ  සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

හෙට (29) සිට ලබන 31 වනදා දක්වා පෙරවරු 05.15ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් එම දින තුනෙහි පස්වරු 1ට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන අතර මෙම දුම්රියවල පළමු,  දෙවන,  තුන්වන පන්ති සඳහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් ද සළසා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී

Previous articleපොලිස්පති පුටුව ගන්න හත් දෙනෙක් සීතල යුද්ධයක !
Next articleරනිල්ගේ නිවස ගිනි තැබීම : එරංග ගුණසේකර සැකකරුවෙක් ලෙස නම් කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here