කුරුණෑගල, පාදෙණිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වී ම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන්ගේ පරස්පර අදහස් මතුවීම පිළිබඳව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී අදහස් දක්වා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ මොහොතේ ලැබී ඇති නිවැරදිම තොරතුරුඒ මොහොතේ ඉදිරිපත් කරන බවත් පසුව එම තොරතුරු වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව නව සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට පසුබට නොවන බවත්ය. ඒ පිළිබඳ ලැජ්ජාවක් නොමැති නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
‘අපි ආණ්ඩුවක්නේ එතකොට අමාත්‍යංශ විසි හතරක් තියෙනවා. එතකොට මේක ඇතුලේ එක්කෙනෙක් විෂය කරුණු ඉදිරිපත් වෙනවා. එතකොට ඒ විෂය කරුණු ඉදිරිපත් වෙද්දී ඒ මොහොතේ දන්න තොරතුරු එක්ක තමයි අපිට දැන් අදහස් ඉදිරිපත් කරන්න වෙන්නේ. මොකද මේක අමාත්‍යංශෙ 24ක ලොකු ක්‍රියාවලියක්.
හැබැයි ප්‍රතිපත්තිය වෙනසක් නෑ. ඉතින් ඒක නිසා අපි ඒ මොහොතේ දන්න හොයාගත්ත නිවැරදිම තොරතුරු අපි ඉදිරිපත් කරමින් තියෙනවා.
ඒ වගේම අපි කිසි ලැජ්ජාවක් නෑ අපහසුතාවක් නෑ ඒ තොරතුරුවල නිවැරදිතාවය ගැටලුවක් තියෙනවා නම් අපි ඉතාමත් ඉක්මනින් මැදිහත්වෙලා ඒ නිවැරදිතාවය ගොඩනගන්න හදනවා.
දන්නැති දේ දන්නෑ කියන්නත් දන්න දේ කියන්නත් අපේ ආණ්ඩුව කිසිදු පැකිලීමක් නෑ. ඉතින් ඒ මොහොතේ තියෙන තොරතුරු මත තමයි අපි කවුරු හෝ කෙනෙක්ගේ අදහස් විදියට පත් කරන්නේ’