ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් මහත්මිය අද (27) පෙරවරුවේ පිට කෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එහි සංචාරය කළාය.
අද පෙරවරු දහයට පමණ සිරුකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි තානාපතිනිය එහි ප්‍රධාන ශාලාව ඇතුළු අනෙකුත් අංශ වෙත ගොස් එහි කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කළාය.
එහිදී තානාපතිනිය එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහලේකම් තලතා අතුකෝරාල සිරිකොත ප්‍රධාන විධායක ශමල් සෙනරත් යන අය සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ අතීත සහ වර්තමාන දේශපාලන කටයුතු මෙන්ම එහි නායකයින් විවිධ පාලන කාල වලදී රට වෙනුවෙන් සිදු කළ මෙහෙවර පිළිබඳව තානාපතිනිය මෙහිදී කරුණු විමසමින් සාකච්ඡා කර තිබේ.