Home අද දළදා දැක්මේ කටයුතු වෙනත් කිසිඳු පාර්ශ්වයක් වෙත පවරා නෑ : නාහිමියෝ පවසති...

දළදා දැක්මේ කටයුතු වෙනත් කිසිඳු පාර්ශ්වයක් වෙත පවරා නෑ : නාහිමියෝ පවසති !

41
0

අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැති බව ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි අවධාරණය කරයි.

එසේම  දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව අධික වුවහොත් දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියි.

සිරි දළදා දැක්ම අප්‍රේල් 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා දින 10ක් මුළුල්ලේ පැවැත්වීමට මේ වනවිට කටයුතු සම්පාදනය කෙරෙමින් තිබේ.

එවන් පසුබිමක නීතීඥ නිරාශාන් විතානගේ ඇතුළු නියෝජිතයින් පිරිසක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් සිදුකළ අතර ඒ සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලක්සිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි චෝදනා කරමිනි.

එසේම  ඉරාජ් වීරරත්න ගායකයා ද සිය youtube නාලිකාව හරහා සුදත්ත තිලකසිරි ඇතුළු පිරිසකට චෝදනා කර සිටියේ හඬ පට, බැංකු ලදුපත් පවා ගෙන හැර දක්වමිනි.

නමුත් මෙතෙක් පොලිසීය හෝ රජය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නිරීක්ෂණය නොවේ.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදියෙක් මේ ගැන ප්‍රශ්න කර සිටියත් ඊට නිසි ප්‍රතිචාරයක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙතින් ලැබුණේ නැත.

මෙවන් පසුබිමක රජය, මහනුවර නගර සභාව සහ ශ්‍රී දළදා මාළිගය හැර කිසිදු පාර්ශ්වයකට සිරි දළදා දැක්ම සම්බන්ධ කිසිදු කටයුත්තක් පවරා නැතැයි ශ්‍රී දළදා සමිදුන්ගේ තේවාව භාර ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි ප්‍රකාශ කළේය.

Previous articleචාමර සම්පත් අත්අඩංගුවට!
Next articleඇමෙරිකානු තානාපතිනිය ජුලි චන්ග් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here