බිමල් රත්නායක මහතා අමාත්‍ය ධුරය හොබවන ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප මහතා අද 27 එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
බිමල් රත්නායක ඇමතිවරයාගේ අමාත්‍යාංශ විෂය පථයට අයත් ඉල්ලා අස්වූ තුන්වෙනි සභාපතිවරයා බන්දුල දිලීප මහතාය.
දිලීප මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද දහවල් රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.
ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙසද දිලීප මහතා කටයුතු කළේය.
බිමල් රත්නායක මහතා අමාත්‍ය ධුරය හොබවන ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමල් සිරිවර්ධන යන මහත්වරු ද මීට ඉහතදී එම ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.