Home අද මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල

38
0

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි අවම මුදල රුපියල් 74 ක් සහ උපරිම මුදල රුපියල් 160 ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන 336 සඳහා වෙන් වෙන් වශයෙන් එම මුදල් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව වැය කළ හැකි අවම මුදල වන රුපියල් 74 මුදල මන්නාරම පළාත් පාලන ආයතනය සඳහාත් වැය කළ හැකි වැඩිම මුදල වන රුපියල් 160 ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ යුතු උපරිම මුදල ඉක්මවා යන ආකාරයට මුදල් වැය කළොත් එම අපේක්ෂකයාට එරෙහිව මැතිවරණ නීතියට අනුව ක්‍රියා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය

Previous article“අපිට කිසි ලැජ්ජාවක් නෑ” – නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර
Next articleචාමර සම්පත් අත්අඩංගුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here