Home අද වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග !

වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග !

59
0

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කළ දැනුම්දීමට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් මස 23 වනදා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ එවකට වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක විසිනි. අනතුරුව අදාළ කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා එදිනම නියෝග කර තිබුණි.

පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී ඇත්තේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවයි. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබු අතර පොලිස්පතිවරයා එම විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබුණි.

එවැනි පසුබිමක සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා කටයුතු කර තිබුණත් සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැත. සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝග කළද, මේ වනවිට පුජාපිටිය පොලිසියට අනියුක්තව සේවය කරන ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබේ.

අදාළ නඩුව ඊයේ (25) කැඳවු අවස්ථාවේදීද සැකකාර පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාරගැනීමට නියෝග කෙරුණු අතර ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම වරෙන්තුකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර, අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කර තිබේ

Previous article“ඒ ගැන මම දන්නේ නෑ – දැන් ආපු පණිවුඩයක් වෙන්න ඇති” – ආරක්ෂක නියෝජ්‍ය ඇමති
Next articleශ්‍රී පාදේ වදින්න ගිය 592ක් පොලිසිය ඇල්ලුවේ ඇයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here