අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඔහුට එරෙහිව ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසබංග යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත්කර ඇත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරදී ඇති සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී මේ බව සඳහන් කළහ. ප්‍රේමදාස මහතා දේශබන්දු පොලිස්පති ධුරයට පත් කළ අවස්ථාවේදී ඊට තමා විරෝධය පළ කළ බව සිහිපත් කළේය.
දේශදේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යන අය බාරගත යුතු බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.
මේ තත්ත්වය මත දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසබංග යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.