එක්තරා කාලයක යම් අරමුණක් වෙනුවෙන් ආරම්භ කළ රාජ්‍ය ආයතන සියල්ල එක ලෙස කරගසා ගෙන යායුතු බව වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
අතීතයේ පෞද්ගලික අංශය විසින් මැදිහත්වීමක් නොකළ කාලයක යම් අවශ්‍යතා සපුරාලීමට රජය මැදිහත්ව එකී අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ බවද ඔහු සිහිපත් කළේය .
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කර සිටියේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ IMF යෝජනා නිසා පසුගිය ආණ්ඩු රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමට කටයුතු කළ අතර IMF යෝජනා එලෙසින්ම ක්‍රියාත්මක කරමින් සිටින වත්මන් ආණ්ඩුව ද රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරනවාද ? කියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වූ අතර කෙසේ වුවත් එක් එක් ආයතනයෙන් ආයතනය ගැන විමසා බලමින් පවත්වාගෙන යාමට අවශ්‍යද නැද්ද යන්න තීරණය කරන බවද පැවසීය.
රාජ්‍ය අංශය දුර්වල කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවත් ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයක සිටියත් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකළේ ඒ ප්‍රතිපත්තිය නිසා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය