Home අද DPL තරගයක් අතරතුර තමීම් ඉක්බාල්ට හෘදයාබාධයක්!

DPL තරගයක් අතරතුර තමීම් ඉක්බාල්ට හෘදයාබාධයක්!

65
0

ඩකා ප්‍රිමියර් ලීග් (DPL) තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුරදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මොහොමඩන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව, ෂයිනපුකුර් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් 36 හැවිරිදි තමීම් ඉක්බාල් හට පිටියේ රැඳී සිටියදී පපුවේ වේදනාවක් හටගෙන ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හදවතේ අවහිර වූ කිරීටක ධමනි විවෘතව තබා ගැනීමට සහ නිසි රුධිර ප්‍රවාහයක් සහතික කිරීම සඳහා තමීම් සැත්කමකට භාජනය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට ජයන්ත ජයසූරිය !
Next articleනව විදේශ තානාපතිවරු තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here