ඩකා ප්‍රිමියර් ලීග් (DPL) තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුරදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.
ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මොහොමඩන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව, ෂයිනපුකුර් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් 36 හැවිරිදි තමීම් ඉක්බාල් හට පිටියේ රැඳී සිටියදී පපුවේ වේදනාවක් හටගෙන ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හදවතේ අවහිර වූ කිරීටක ධමනි විවෘතව තබා ගැනීමට සහ නිසි රුධිර ප්‍රවාහයක් සහතික කිරීම සඳහා තමීම් සැත්කමකට භාජනය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් වාර්තා කර තිබේ.