Home අද පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනය විමර්ශනයට බාහිර කමිටුවක්!

පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනය විමර්ශනයට බාහිර කමිටුවක්!

67
0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරන දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි කියන හිංසන සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් සිදු කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

මෙම කාන්තා හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මීට ඉහතදී අභ්‍යන්තර විමර්ශන කමිටු දෙකක් පත් කළ අතර එම කමිටු දෙකට පත් කරන ලද නිලධාරීන් සම්බන්ධව වින්දිත කාන්තාවන් දැඩි විවේචනය කරමින් කමිටු දෙක ප්‍රතික්ෂේප කරන ලදී.

මේ තත්ත්වය මත බාහිර විමර්ශනයේදී ඒ සඳහා පත් කරනු ලබන නිලධාරියා හෝ නිලධාරණීය කවුද යන්න පිළිබඳව කතානායකවරයා ඉදිරියේදී තීරණය කරනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව සිදුකරන බාහිර විමර්ශනය කෙටි කාලයකින් අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කාන්තාවන්ට යම් හිංසනයක් සිදුවී ඇති බව බාහිර විමර්ශනයේදී සනාථ වුවහොත් ඒ සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගැනීමට කථානායකවරයා තීරණය කර ඇත.

Previous articleනව විදේශ තානාපතිවරු තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති!
Next articleStarlink අත්හිටුවීම විදෙස් ආයෝජන අධෛර්යමත් කරන අමනෝඥ තීන්දුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here