Home Uncategorized මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්තට එරෙහිව බිරිඳගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්තට එරෙහිව බිරිඳගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

1185
0

තම ජීප් රථය තවමත් භාර දී නොමැති බවට නීතිඥවරියත් සමඟ පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත ගේ බිරිඳ පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.

එසේම මන්ත‍්‍රීවරයාට එරෙහිව මේ වන විටත් ඔහුගේ බිරිඳ වන තම සේවාදායිකාව විසින් දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවත් ඊට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද එක්කර ඇති බවත් නීතීඥවරිය සඳහන් කළාය.

මේ අතර ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් මඟින් වීසා ලබාගෙන විදෙස්ගතවීමේ සූදානමක් ඇති අතර ඊට පෙර අදාළ මෝටර් රථය සොයාගත යුතුව තිබෙන බවද ඇය පැවසුවාය.

මේ සම්බන්ධව පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කලත් මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු විභාගයක් සිදුකර නොමැති බැවින් සිය සේවාදායිකාව සමඟ පැමිණ පොලිස් මූලස්ථානයේ නැවත පැමිණිල්ලක් සිදුකළ බවද නීතීඥවරිය පැවසුවාය.

නීතිඥ දක්ශිකා දිසානායක ඊයේ (21) මාධ්‍යට මෙම අදහස් දක්වා සිටියේ අදාළ පැමිණිල්ල සිදුකිරීමට පොලිස් මූලස්ථානය වෙත පැමිණී අවස්ථාවේය.

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ තම සේවා දායිකාවගේ ස්වාමියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත එතුමියට අයිති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය අනවසරයෙන්, බලයෙන් පාවිච්චි කරන බවයි.

” මේ වාහනය තුන්වෙනි පාර්ශවයක් සඳහාද දීලා තියෙනවා කියලා අපට ආරංචි මාර්ග තියෙනවා.අපි දෙවන වතාවටත් පිළියන්දල පොලිසියට පැමිණිල්ලත් කරත් ඒකට සාධාරණයක් කරන්නටම පොලිසි ස්ථානාධිපතිවරයාට හැකිවන්නේ නෑ. ඒ නිසා අපි පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් කරා.

රජයට මඩක් ගහන්න කිසිම වුවමනාවක් අපිට නෑ. මේ රජය ආවේ සාධාරණා සමාජයක් නිර්මාණය කරනවා කියලයි. ” යනුවෙන් ද නීතිඥවරිය සඳහන් කළාය .

Previous articleඅයවැයට පක්ෂව ජන්දය දුන්න විපක්ෂයේ මන්ත්‍රී මෙන්න !
Next article“රටක ජනාධිපති කෙනෙක්, කාටද මේ කෝචෝක් කරන්නේ..?” : ජනපතිගේ කතාවට සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රතිචාර දක්වයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here