පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඇප තැන්පත් කිරීම සිදු කරන අතර ඊයේ වනවිට පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසකින් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි