Home අද ජනපතිගේ දැනුම්දීම මත තොරතුරු කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි !

ජනපතිගේ දැනුම්දීම මත තොරතුරු කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි !

2
0

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයි වාර්තාවේ.

සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව උපාලි අබේරත්න මහතා එසේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

උපාලි අබේරත්නගේ ඉල්ලා අස්වීමට පෙර එම කොමිසමේ සාමාජිකාවක ලෙස කටයුතු කළ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව පිරවීම සඳහා දැන්වීම් පළකිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කර තිබුණි.
ජනමාධ්‍ය සමාජයේ නාම යෝජනාවක් අනුව රෝහිණි වල්ගම පත්කර තිබූ අතර එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩීඑන් සමරකෝන්ගේ නම මේ වනවිට යෝජනා කර තිබේ.

මේ අනුව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනාගෙන් දැන් ඉතිරිව සිටින්නේ සාමාජිකයන් තුන්දෙනෙකු පමණි.

එම කොමිසන් සභාවේ එක් සාමාජිකයකු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදුකරන නාම යෝජනාවක් අනුව පත්කළ යුතු අතර තවත් සාමාජිකයන් දෙදෙනෙකු ජනමාධ්‍ය සමාජය සහ සිවිල් සමාජය විසින් සිදුකරන නාම යෝජනා අනුව පත්කළ යුතුය. ඉතිරි සාමාජිකයන් දෙදෙනා පත් කිරීම මෙතෙක් ජනාධිපතිවරයාගේ නිර්දේශ මත සිදුකර තිබුණි.

එමෙන්ම එම කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීමද ජනාධිපතිවරයා සිදු කරයි.

Previous articleදේශබන්දු වෙනුවෙන් නීතීඥවරු 50 ක් කොළඹින් මාතරට – නඩුව දහවල් 2 ට විභාගයට !
Next articleමිහින්තලා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන – නාහිමියන්ට හා පුදබිමට විශේෂ ආරක්ෂාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here