Home අද ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

3
0

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි සම්පූර්ණ කළ යුතු වෙයි.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් 2025.03.25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කළ යුතු වනවා බවද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි

Previous articleකාන්තාවක අපයෝජනය කිරීමේ සිද්ධියකට ජනක රත්නායකට නොතීසි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here