Home අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හා කම්කරු දෙපාර්තමේන්තුවට නව ප්‍රධානීන් !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හා කම්කරු දෙපාර්තමේන්තුවට නව ප්‍රධානීන් !

6
0

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. 1999 වසරේ දී තක්සේරුකරුවෙක් ලෙස දේශීය ආදායම් සේවයට බැදෙන රුක්දේවී ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙක්, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් වශයෙන්ද සේවය කර තිබේ.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ 39 වැනි කොමසාරිස් ජනරාල් වශයෙන් ඇය හෙට (20) රාජකාරි භාරගැනීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය පවසයි.

මේ අතර පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර තිබේ. මේ පිලිබඳ කම්කරු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කරන ලද දිලිනි නදීකා වටලියද්ද ශ්‍රී ලංකා කම්කරු අංශයේ දශක දෙකකට අධික පළපුරුද්දක් ඇති නිලධාරිනියකි. ඇය ජාතික කම්කරු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද ,කම්කරු අමාත්‍යංශයේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතුකර ඇති ඇති අතර කම්කරු අමාත්‍යංශයේ සහකාර සහ නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස හා තවත් තනතුරු රැසක වසර විස්සක පමණ අදාල ක්ෂේත්‍රයේ වෘතීය අත්දැකීම් බහුල නිලධාරිනියක් වේ.

Previous articleශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here