මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.
ඒ, අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ යොදවමින් දිගින් දිගටම ඇය අපයෝජනයට ලක්කරමින් විඩියෝ කර ඒවා මුදා හරින බවට තර්ජනය කිරීමේ ඔහුට එරෙහි චෝදනාවකටයි.
මෙම චෝදනාවට ඔහු සැකකරුවෙකු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ෂණ ඒකකය අධිකරණයට දැනුම් දී තිබෙන අතර ඒ අනුව අප්‍රේල් 02 දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කර තිබේ.