Home අද මාස 09 කට පසු සනී සහ බුච් නිරුපද්‍රිතව පෘථිවියට !

මාස 09 කට පසු සනී සහ බුච් නිරුපද්‍රිතව පෘථිවියට !

3
0

අභ්‍යාවකාශයේ සිරවී සිටි නාසා ගගනගාමීන් පෘථිවිය වෙත ආපසු සාර්ථකව පැමිණ තිබේ.

මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමීන් දෙදෙනා රැගෙන පැමිණි යානය ෆ්ලොරිඩා වෙරළට නිරුපද්‍රිතව ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපළයි.

ඔවුන් රැගෙන ඒම සඳහා පසුගිය 16වනදා ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වූ අතර අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමගින් ඔවුන් පෘථිවියට පැමිණ තිබේ

Previous articleමැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12 ට අවසන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here