Home අද දේශබන්දු වෙනුවෙන් නීතීඥවරු 50 ක් කොළඹින් මාතරට – නඩුව දහවල් 2 ට...

දේශබන්දු වෙනුවෙන් නීතීඥවරු 50 ක් කොළඹින් මාතරට – නඩුව දහවල් 2 ට විභාගයට !

1
0

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබියදී අධිකරණය මඟහැර සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ සිය නීතිඥවරු මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ සිට ජනාධිපති නීතිඥවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

මේ වන විට තෙන්නකෝන් මහතා අධිකරණ සංකීර්ණයේ සිටින බවත් ඔහුගේ නඩුව අද දහවල් 02ට විභාගයට ගැනීමට නියමිත බවත් වාර්තා වේ

Previous articleමාස 09 කට පසු සනී සහ බුච් නිරුපද්‍රිතව පෘථිවියට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here