Home අද ආණ්ඩුව bookin.com ට ගේමක් දෙන්න සූදානම් වෙයි !

ආණ්ඩුව bookin.com ට ගේමක් දෙන්න සූදානම් වෙයි !

19
0

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයින් මාර්ගගත ක්‍රමයට සිදු කරන හෝටල් කාමර වෙන් කිරීම සඳහා දැනට මෙරට තුළ පවතින එකම ආයතනය වෙනුවට නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා ඇත.

පාර්ලිමේන්තුවේදී (15) වනදා ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර එමගින් මාර්ගගත ක්‍රමයට සිදු කරන සංචාරක නවාතැන් වෙන් කිරීම සඳහා එක් ආයතනයක් වටා ඇති ඒකාධිකාරිය එමගින් බිඳ දැමිය හැකි බවද පෙන්වාදී ඇත.

එහිදී විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“හෝටල් කාමර බුක් කිරීම online booking හරහා වෙන එක, එක ආයතනයක අධිකාරියකට යටත් වෙලා තියනවා. අපි දැන් ආරම්භ කරලා තියනවා ලංකාවේ දේශීය සමාගම් එක්ක සාකච්ඡා. අපි ඔවුන්ට කියලා තියනවා වෙනත් ආයතන කීපයක් පටන් ගමු. දැනට ක්‍රියාත්මක වෙන එකත් ලියාපදිංචි කරන්න ඕන. booking.com එක. ඇත්තටම ගත්තොත් අපිට ලබා දිය යුතු බදු මුදල් ලබා දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලෝ විශාල ලාභයක් රටෙන් අරන් යනවා. ඒක වෙනස් කළ යුතුයි. මම කියන්න සතුටුයි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් වල ඉන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ bookin.com එක වෙනුවට තව අලුත් OTP එකක් ආරම්භ කරලා තියනවා. ඉතින් එවැනි ඒවා දැන් අපි ඉස්සරහට දියුණු කරාම ඒ promotion හරහා ඒ තියන ඒකාධිකාරිය ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින පාර්ශ්වයන්ගේ ද අවධානය යොමුව තිබේ.

එහිදී වැඩිදෙනෙකු පවසා ඇත්තේ ව්‍යාපරික කටයුතු කෙරෙහි ආණ්ඩුව අනවශ්‍ය ඇඟිලි ගැසීම් ආර්ථිකයට සුබදායී නොවනු ඇති බවයි.

විපක්ෂයේ සිටියදී නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව දේශනා තිබූ ජවිපෙ සහ ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩුව ගෙවුණු මාස 6 ක පමණ කාලය තුළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට දියත්කළ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවද ඔවූහු පෙන්වා දෙති.

Previous articleරඳවා ගැනීමේ බද්දට එරෙහිව : ශ්‍රීලංකා ක්‍රිකට් ටෙස්ට් සහ එක්දින නායකයන් අභියාචනාධිකරණයට !
Next articleCID ය දේශබන්දුගේ ගෙදර ගිහින් : විදෙස් මත්පැන් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here