Home අද දේශබන්දු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දහයක්!

දේශබන්දු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දහයක්!

3
0

අධිකරණ නියෝගය මගහැර සැඟව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර ඒ අනුව අද (18) සිට ඒ සඳහා තවත් පොලිස් කණ්ඩායම් හතරක් පත්කර ඇත.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට දී සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් සැරයෙන් වරයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මීට ඉහතදී නියෝග කරන ලදී.

එම නියෝගයට අනුව වැලිගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ හතර දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් ඇප මත මුදා හැර සිටි.

අධිකරණ නියෝගය ලබා දීමට සති තුනකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් හිටපු පොලිස්පතිවරයා සොයාගැනීමට නොහැකි වී වීම සම්බන්ධව ආණ්ඩුවට මෙන්ම පොලිසියටද මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් ඇත.

දේශබන්දු තෙන්නකෝන්ට ඉහළ පෙලේ දේශපාලන රැකවරණය ලැබීම නිසා ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නැති බවට පසුගිය දිනවල පාර්ශව කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කර තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට රට පුරා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඒ සඳහා උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි.

Previous articleආනයනික කිරිපිටි මිල ඉහළට?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here