Home අද රජයෙන් දීපු පොහොර සහනාධාර මුදල් නිලධාරීන් සොරකම් කරලා – නියෝජ්‍ය ඇමති නාමල්...

රජයෙන් දීපු පොහොර සහනාධාර මුදල් නිලධාරීන් සොරකම් කරලා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

3
0

රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේදී සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් නිලධාරිනියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Previous articleවරෙන්තුකරුවන් අල්ලා නෑ : රට යන්නේ කොහේටද – විනිසුරු පොලිසියෙන් අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here